Wednesday, August 31, 2011

දැනුමේ වාසභූමි සොයා යන සන්නිවේදනයේ විකාශනයෙන් බිඳක්

සන්නිවේදනයේ ඓතිහාසික විකාශනය

සන්නිවේදනය කවදා කෙලෙස ආරම්භ වූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වුව ද එය ඉතා ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රමයන්ගේ සිට නවීන අධිතාක්‍ෂණික සන්නිවේදන ක‍්‍රමයන් දක්වා විකාශනය වී ඇති බව විධිමත් අධ්‍යයනයන්ගෙන් පසක් වනු ඇත.
මානව සන්නිවේදන ක‍්‍රමයන්ගේ විකාශනය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී එය  මානව පරිණාමයත් සමඟ සිදු වූ ක‍්‍රියාවලියක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.

පරිණාමවාදය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක නිරත වූ අවධීන් හතරක් හඳුනාගත හැකිය.


1' Tiag%f,damsf;lia     
2' fydafuda yeì,sia
3' fydafuda bfrlagia
4' fydafud fiamshkaia
නියැන්ඩතාල් Neanderthal ක්‍රොමැග්නන් (Cro-Magnon) වශයෙනි.එය අපට රූප මාධ්‍යයට පෙරළා පහත ආකාරයට හඳුනා ගැනීමට පුළුවන 
                                                  

මෙලෙස ක‍්‍රමයෙන් මානවයාගේ  පරිණාමය සිදු වූ අතර මුල් යුග තුන තුළ ජීවත් වූ මානවයින් හට මනා සන්නනිවේදන හැකියාව නොතිබුණි. එහෙත් හොමෝ සේපියන්සස් (Homo sapience) මානවයා හට තරමක් සන්නිවේදන හැකියාවක් තිබුණු අතර එම යුගය තවත් අනු පරිණාමීය අවධීන් දෙකකට වෙන් වන අතර නියැන්ඩර්තාල් මානවයාට වඩා මනා  සන්නිවේදන හැකියාවක් ක්‍රොමැග්නන් මානවයා සතුවිය. එහෙයින් නියැන්ඩතාල්වරු ලෝකයෙන් තුරන් වූ අතර ක්‍රොමැග්නන්වරු ලොව ජීවත් වීමේ භාග්‍ය උදාකරගත්හ. 

 
උක්ත ආකාරයෙන් පරිණාමය සිදු වූ අතර මුල් මානව පරිණාමීය අවදීන් තුළ, සංඥා සංකේත. ඉඟි, හා කටහඩ සන්නිවේදනය සඳහා යොදා ගෙන තිබේ. මුල් කාලීන මානවයා සිය සිතැඟියාවන් ,අදහස් අනන්‍යන්ට ප‍්‍රකාශ කිරීම සඳහා මෙකී ප‍්‍රාථමික සන්නිවේදන විධි භාවිත කර ඇත. ගස්, ගල්, පුවරු ආදියෙහි විවිධකාර සංකේත සංඥා සලකුණු කරමින් තමන්ට අයත් භූමි ප‍්‍රදේශය වෙන් කර ගන්නට ප‍්‍රාථමික ජනයා උත්සහ ගත්හ. එපමණක් ද නොව තමන්ට එදිනෙදා ජීවිතයේ දී දඩයමේ දී මුහුණ දෙන්නට සිදු වූ ප‍්‍රසන්න අප‍්‍රසන්න අත්දැකීම් තම වර්ගයාට ප‍්‍රකාශ කරනු වස් ප‍්‍රබල ප‍්‍රකාශන මාධයක් ලෙස ඉඟි හා කටහ`ඩ ද උපක‍්‍රමශීලී ව භාවිතා කරන්නට ප‍්‍රාථමික ජනයා උත්සුක විය. වනසතුන්ගෙන් සිදු වූ අපල උපද්‍රව සතුන් දඩයම් කරගත් ආකාරය ආදි දෑ සිය වර්ගයාට අභිනය තුළින් ප‍්‍රකාශ කරන්නට මොවනුන් පසුබට නොවූහ. ගිනි ගොඩක් වටේ නටමින්, රඟ දක්වමින් සිය ජීවිතයේ වචනවලට පෙරළිය නොහැකි, අකුරු කළ නොහැකි බොහෝ දෑ භාවයන් තුළින් ලෝකයාට දැනෙන්ට සැලැස් වූහ. විවිධ සංසද්ධි සංකේත සංඥා බවට පෙරළමින් ලෝකය ග‍්‍රහණය  කරගන්නට තම වර්ගයාට අවශ්‍ය ප‍්‍රයෝගික විඥානය සලසා දෙන්නට ප‍්‍රාථමික ජනීජනයා උත්සුක විය.           
                                                    

සන්නිවේදනය උදෙසා දෙවනුවගින්දර, දුම්රොටු, අණබෙර, වර්ණ කොඩි, අදී ප‍්‍රාථමික සන්නිවේදන යොදා ගන්නට විය. එනම් ගෝත‍්‍රික සමාජයේ සිටි ජනයා කණ්ඩායමෙන් ඈතට යාමේ දී කණ්ඩායම සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා මෙවැනි ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම භාවිත කොට තිබේ.





මිනිසාගේ සන්නිවේදනයන් තුළ භාෂණය නැතහොත් කතා කිරීම ද දෙවනුව ලිඛිත සන්නිවේදනය නැතහොත් ලේඛනය බිහිව තිබේ. විවිධාකාර වූ ශබ්ද අනුකරණය තුළින් ප‍්‍රාථමික ජනයා භාෂණයට හුරුව ඇත. භාෂණ ශබ්ද සම්භවය වූ ආකාරය පිළිබඳ වාග් විද්‍යාත්මක මතවාද තුනක් හඳුනා ගත හැකිය. එනම්, 


බව්බව් න්‍යාය
ඩිංඩොං න්‍යාය
පුහ් පුහ් න්‍යාය වශයෙනි.   

ද්‍රව්‍ය එකිනෙක ගැටෙන හඬ, සතුන් කෑ ගසන හඬ ගඳ සුවඳ ආග‍්‍රහණය මෙන්ම භාෂාණ ශබ්ද මුල් කරගෙන භාෂණය ඇති වන්නට ඇතැයි වාග්විද්‍යාඥයින්ගේ මතවාදයයි. එකී භාෂණ ශබ්ද රූප නොහොත් සංකේත බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය මත ලේඛනය බිහි විය. ලේඛන හැකියාව වනාහි මානව සංවර්ධිතභාවය සටහන් කරන අවස්ථාවක් ලෙස හඳුන්වා දීමට පුළුවන. 
මෙම ප‍්‍රාථමික ලේඛන මාධ්‍ය මත ලිවීම වෙන් කරමින් පසුකාලීව කඩදාසි සොයා ගත් අතර එය සන්නිවේදන විකාශනයේ විශේෂ සංධිස්ථානයක් ද විය. එනම් ක‍්‍රි.ව. 105 දී චීන ජාතික සායිලූන් (Tsailun) විසින් කඩදාසි සොයා ගන්නා ලදි. ඒ අනුව ලිඛිත සන්නිවේදනයට ගුණාත්මක බවක් එක් වූ අතර කඩදාසි මත ලිවීමේ කලාව ආරම්භ විය.

කඩදාසි සොයාගැනීමත් සමඟ විවිධ පුද්ගලයින් මුද්‍රණ ක‍්‍රමයන් පිළිබඳ පර්යේෂණය කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස  අච්චු මුද්‍රණය ආරම්භ  විය. (Wood block Printing)
ලී හෝ වෙනත් ඝන පෘෂ්ඨයකින් අච්චු සකස් කරගෙන එකී අච්චු මත තීන්ත ගල්වා සමතල පෘෂ්ඨයක් මත තෙරපවීම තුළින් අච්චු මුදුණය යටතේ පිටපත් ලබා ගැනීමේ ක‍්‍රමය බිහි විය. ඒ අනුව මෙම මුද්‍රණ ක‍්‍රමය ආරම්භයක් සමඟ මුල් පිටපතට සමාන අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව පවතින බව පසක් විය. කිසියම් ආකාරයකට මුල් පිටපතෙහි ගුණාත්මකභාවය ඒ අයුරින් ම දක්නට නොලැබුණ ද ඊට තරමක් සමාන වූ පිටපතක් මේ තුළින් ලබාගැනීමට පුළුවන. අච්චු මුද්‍රණයේ පැවති දුර්වලතා මුල් කරගෙන එම දුර්වලතා අවම කර හොඳ මුද්‍රණ ක‍්‍රමයක අවශ්‍යතාවය නිසා විවිධ අධ්‍යයනයන් තුළින් නව මුද්‍රණ යන්ත‍්‍ර බිහිවිය.

මෙම අච්චු මුද්‍රණ ක‍්‍රමයට අමතරව පසුකාලීනව මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගන්නා අතර එය සන්නිවේදන ඉතිහාසයේ විශේෂ කඩ ඉමක් ද සටහන් කරන්නක් වේ. එනම්, ක‍්‍රි.ව 1440 දී ජොහෑන් ගුටර්න්බර්ග් (Johan Gutenberg) විසින් නවීන මුද්‍රණ යන්ත‍්‍රය නිර්මාණය කරන අතර එය උපයෝගී කොට ගනිමින් බයිබලය ප‍්‍රථම වරට මුද්‍රණය කරන ලදි. එමෙනම් පසුකාලීන ව මෙම මුද්‍රණ ශිල්පය අති දියුණු තත්ත්වයකට පත් විය.                                                                                                                           



·  letter press printing (උස්තල මුද්‍රණය)
· flexography printing (ප්ලේක්සෝග්‍රැපි මුද්‍රණය)
·   offset printing (සමතල මුද්‍රණය)
·    Screen printing (ස්ක්‍රීන් මුද්‍රණය)
·    Gravure printing (ග්‍රැවියෝ මුද්‍රණය)
·    Digital printing (අංකිත මුද්‍රණය )




තවද සන්නිවේදන විකාශනයේ ගමන් මග වේගවත් කිරීම කෙරෙහි විදුලිබලය සොයා ගැනීම ප‍්‍රබල සාධකයක් විය. එනම් තෝමස් අල්වා එඩිසන් සහ මයිකල් පැරඬේ, යන විද්‍යාඥයින් දෙදෙනා විද්‍යුතය සොයා ගත් අතර මෙම විදුලි බලය මගින් නව සන්නිවේදන ක‍්‍රමයන් නිර්මාණය කර ගැනීමට ද මිනිසුන් සමත් විය. ඒ අනුව රැහැන් සහිත  විද්‍යුත් සන්නිවේදන ක‍්‍රමයන් ලෙස
        Ü  ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍රය
        Ü  ටෙලෙක්ස් යන්ත‍්‍රය
        Ü  ටෙලිෆෝනය හා ටෙලි ප‍්‍රින්ටරය
යන විද්‍යුත් සන්නිවේදන උපකරණ සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයට එකතු විය.
 ඉන් අනතුරුව කරන ලද පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රැහැන් රහිත සන්නිවේදන ක‍්‍රමයන්  තනා ගැනීමට මිනිසා සමත් විය. ඒ අනුව
       

 ® ගුවන්විදුලිය 

  

 ® රූපවාහිනිය




නවාංග ලෙස සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයට එක් වන අතර ඒ සමග ම ජනමාධ්‍ය ක‍්‍රියාවලිය ද වේගවත් විය.
මීට සමගාමී ව සන්නිවේදන ඉතිහාසයේ නවාංගයක් ලෙසට රසායනික මාධ්‍ය (Chemical Media) සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයට එක්විය. එනම් ඡයාරූප හා චලන චිත‍්‍ර තාක්‍ෂණය මගින් චිත‍්‍රපට මාධ්‍ය, සන්නිවේදන නවාංගයක් ලෙස මානව සන්නිවේදනය තව තවත් පුළුල් කරන්නට විය.
මෙලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් විකාශනය වූ සන්නිවේදනය නව මාධ්‍ය ආගමනයත් සමඟ පරිවර්තනීය වෙනසකට භාජනය වන්නට විය.
1791 - 1872 කාලය තුළ කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵල ලෙස පසුකාලීනව බිහි වූ ජංගම දුරකතන ද 21 වන ශතවර්ෂය පරිවර්තනීය යුගයකට කැන්දාගෙන යන අන්තර්ජාලය ද නවමාධ්‍ය ලෙස බිහි ව ඇත.


 
ඕනෑම තොරතුරක් ගබඩා කර තබාගැනීමටත්, අවශ්‍ය  ඕනෑම විටක නැවත ලබා ගැනීමටත් ඇති හැකියාව මත නව මධ්‍ය ශීඝ‍්‍රයෙන් ජනතාකරණය විය.


  • සමාජීය කාර්යන් ගුණත්මක බවින් යුක්තව ඉටුකර දීම,
  • ඉහළ කාර්යක්‍ෂමතාවයකින් සමන්විත වීම,
  • දැනුම යන්න සීමාරහිත ව පුළුල් වීම,
  • දැනුමේ ප‍්‍රමාණය ශත සහස‍්‍ර ගණනින් ඉහළයාම සමග දියුණුවේ මහා පිපිරීමක් ඇති වීම,
  •  නව සොයා ගැනීම් හා නව පර්යේෂණ මුල් කරගෙන අද වැදගත් දෙය හෙට මිත්‍යාවක් වීම,
  •  අධ්‍යාපනය Life long Education බවට පත් වීම,
  • වර්ණ, රූප, ශබ්ද, චලන නව මාධ්‍ය තුළින් ඉදිරිපත් වීම,                         
ආදි වශයෙන් නව මාධ්‍යවලට ම  අනන්‍ය වූ ලක්‍ෂණ සමුදායක් හඳුනා ගැනීමට පුළුවන. තවද ජංගම දුරකථනය අන්තර්ජාලය සමඟ එකතුව නව ස්වරූප වර්ධනය කොට තිබේ.





නවමාධ්‍ය (New media) තුළින් සිදු වන බහුකාර්ය ස්වභාවයන් නිසා ම මිනිසා කිසිවිටක අපේක්‍ෂා නෙකරන නව ඉසව් කරා ගමන් කරමින් නම් ගම් නැති බොහෝ දෑට වාසගම් දෙමින් කිසිවක්  නැති හිස් භූමි වාසස්ථාන බවට පත් කරයි. සුපිරි තොරතුරු මාවතේ නිම්වළලූ පුළුල් කරමින් සන්නිවේදනය තව තවත් අලූත් ඉසව් සොයා බොහෝ දුර ගමන් කරනු ඇත.


3 comments: